දකුණේ අලි මන්ත්‍රීගේ නෙත් පියවෙයි

දකුණේ අලි මන්ත්‍රීගේ නෙත් පියවෙයි

August 1, 2014   11:50 am

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රි කපිල වෙල්ලප්පිලි මහතා අභවප්‍රාප්ත වී තිබේ.

අක්මාවේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෙල්ලප්පිලි මහතා අද (01) උදෑසන මියගොස් ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ හක්මන ආසන සංවිධායකවරයා වශයෙන් ද කටයුතු කළ ඔහු පළාත් සභා මන්ත්‍රිවරයෙකු වශයෙන් අඛණ්ඩව තේරි පත් වු අයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මිය යන විට ඒ මහතා 58 වන වියේ පසුවිය.