ප්‍රදේශ රැසකට පැය 36ක ජල කප්පාදුවක්

ප්‍රදේශ රැසකට පැය 36ක ජල කප්පාදුවක්

August 1, 2014   11:06 am

හෙට (02) පෙරවරු 09.00 සිට පසුදින රාත්‍රි 09.00 දක්වා පැය 36ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහ නගර බල සභා ප්‍රදේශය, බත්තරමුල්ල, මාළඹේ, තලංගම, කොස්වත්ත, කලපළුවාව, හල්බරාව, තලවතුගොඩ, කලල්ගොඩ, හෝකන්දර, ජයවඩනගම හා ඒ අවට ප්‍රදේශ මහරගම, බොරලැස්ගමුව සහ කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඊට අමතරව කොළඹ 05 ප්‍රදේශය, හයිලෙවල් පාරේ රේල්වේ ඇවනිව් හන්දියේ සිට කිරුළපන හන්දිය දක්වා ප්‍රධාන පාර සහ අතුරුමාර්ග, බේස්ලයින් පාරේ කිරුළපන සිට බොරුල්ල දක්වා ප්‍රධාන මාර්ග සහ අතුරුමාර්ග, කින්සි පාර කොටාපාර කාසල්වීදිය ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවීමට නියමතව තිබේ.

අදාළ කාලය තුළ කොළඹ 06 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

බත්තරමුල්ල පොල්දූව නව පාලම ඉදිකරන ස්ථානයේ සිදුකෙරෙමින් පවතින ජල නල එළීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.