පල්‍ලමෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

පල්‍ලමෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

August 1, 2014   10:12 am

පල්ලම, තිඹිරගොල්ල ප්‍රදේශයේ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව කැලෑ ප්‍රදේශයක තිබී මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බවයි.

අදාළ අස්ථි කොටස් වසර ගණනාවකට පෙර මියගිය පුද්ගලයෙකුගේ බවට පොලීසිය සැකකරයි.

මීට වසර 50 කට 60කට පමණ ඉහතදී අදාළ ප්‍රදේශයේ පැතිර ගිය වසංගත රෝග තත්ත්වයක් හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති බව සඳහන්ය.

මෙම අස්ථි කොටස් එලෙස මියගිය පුද්ගලයෙකුගේ බවට පොලිසිය සැක කරයි.

අස්ථි කොටස් හමුවූ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර පල්ලම පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.