ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සැප්තැම්බර් 18 කොළඹදී

ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සැප්තැම්බර් 18 කොළඹදී

August 1, 2014   08:59 am

ආසියානු කලාපයේ දේශපාලන පක්ෂ වල ජාත්‍යන්තර සම්මේලනය ලබන මස 18 වනදා සිට 21 වන දින දක්වා කොළඹ දී පැවැත්වීමටය කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීමෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ ‘ආසියානු ප්‍රජාවක් ගොඩනැඟීම‘‘ යන තේමාව යටතේය.

රටවල් 33ක නියෝජිතයින් මීට සහභාගි වේ.

සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.