ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂ විසඳන නීතිමය ලියවිල්ලක් හදාගෙන යනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂ විසඳන නීතිමය ලියවිල්ලක් හදාගෙන යනවා

August 1, 2014   08:27 am

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලු දෝෂ සහිත තත්ත්වයන් විසඳීම සඳහා යෝජනා ඇතුළත් නව නීතිමය ලියවිල්ලක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් පත්කළ විද්වතුන් සහ නීතිවේදින් දොළොස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මෙම කාර්යය සිදුකරන බව සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරයි.

ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු සංශෝධන රැසක් පිළිබඳ විද්වත් කමිටුවේ අවධානය යොමුවනු ඇති බවයි.

ආණ්ඩු පක්ෂය හැරුණු විට සෙසු සියලු පක්ෂ මෙම ලියවිල්ල සඳහා සහය පළ කරන බව ද පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අද දෙරණට කියා පැවසීය.