කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුතුව 11සිට 14 දක්වා

කොරියානු භාෂා විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුතුව 11සිට 14 දක්වා

July 31, 2014   05:04 pm

මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන මස 11 වන දින සිට 14 වන දින දක්වා සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 14කදී ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන බව එම කාර්යංශය කියයි.

කොරියානු රජයේ රැකියා හා කම්කරු අමාත්‍යංශය සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යංශය අතර ඇති කරගත් එකඟතාවට අනුව කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පවත්වනු ලබයි.

ඒ අනුව මෙවර විභාගය ඔක්තෝම්බර් මස 11 සහ 12 යන දින වල පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගයෙන් සමත්වන පිරිස ධීවර හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේය.