අධිකරණ නියෝගය දන්නවා - එත් මාධ්‍යයට කතා කරන්නේ සද්භාවයෙන්

අධිකරණ නියෝගය දන්නවා - එත් මාධ්‍යයට කතා කරන්නේ සද්භාවයෙන්

July 31, 2014   02:52 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවට අධිකරණ නියෝගයක් ලබාදී තිබුණද එහි මධ්‍යම කාරක සභාවට එම නියෝගය බලනොපැවැත්වෙන බැවින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට හැකියාවක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා කියයි.

කොළඹදී අද (31) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී මාධ්‍ය හමු පැවැත්වීම හා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමට සාදාචාරාත්මක අයිතියක් තිබේදැයි මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

මාධ්‍යයට ප්‍රකාශ කිරීම මෙන්ම පත්‍රිකාබෙදීම පවා සිදුකරන්නේ සද්භාවයෙන් යැයි ඊට පිළිතුරු දෙමින් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා අදහස් දැක්වුයේය.

ඊයේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම ගැන කනගාටු වන බවත්, එවැන්නක් වෛද්‍යවරුන් අතර නොවිය යුත්තක් බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.