දුම්රිය දෙකම එකම පාරේ - මහඅනතුරක් නූලෙන් වැළකෙයි

දුම්රිය දෙකම එකම පාරේ - මහඅනතුරක් නූලෙන් වැළකෙයි

July 31, 2014   02:24 pm

කොළඹ සිට ත්‍රීකුණාමලය බලා ධාවනය වූ දුම්රියක් හා ත්‍රීකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මුහුණට මුහුණ ගැටීමට ගිය අවස්ථාවක් අද (31) දහවල් මඟ හැරී ගොස් තිබේ.

ත්‍රීකුණාමලයත් - ගල්ඔයත් අතර දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය දෙකම ‍ගමන් කර ඇත්තේ දුම්රිය සංඥා වැරදීමකින් බව හෙළි වී ඇත.

එම මාර්ගයේ දුම්රිය සංඥා පාලනය අනුරාධපුර දුම්රිය ස්ථානය මගින් සිදුකරනු ලබයි.

දුම්රිය දෙකම එකම මාර්ගයේ මුහුණට මුහුණ ගමන් කරන බව සැලවීමෙන් පසු කොළඹ ත්‍රීකුණාමලය දක්වා ධාවනය වූ දුම්රිය කිලෝමීටර් 150කණුව අසළත් ත්‍රීකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය කිලෝමීටර් 142 කණුව අසළදීත් නවතා ගැනීමට රියදුරන් සමත්ව ඇත.

දුම්රිය දෙකෙහිම රියදුරන්ට ඔවුන් ගමන් කරන්නේ එකම මාර්ගයේ මුහුණට මුහුණ යන පණිවිඩය නොලැබෙන්නට විශාල අනතුරක් සිදුවන්නට තිබුණු බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

මෙම දුම්රිය දෙකේම මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ බවද පැවසේ.