මන්ත්‍රී වහලේ - ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කියන්නත් ලැජ්ජලු!

මන්ත්‍රී වහලේ - ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කියන්නත් ලැජ්ජලු!

July 31, 2014   01:50 pm

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි බස් නැවතුම්පළේ වහල මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ප්‍රදේශය තුළ සිදුවන සංවර්ධන කටයුතු ප්‍රාදේශිය සභාවේ ඇතැම් නිලධාරින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට අවශ්‍ය ආකාරයෙන් සිදුකිරීම පිළිබඳ විරෝධතාව පළකරමින් ඔහු මෙලෙස විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

අද පැවති මාසික සභා රැස්වීමේ දී සභා වාර්තාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සභාව අමතමින් මන්ත්‍රිවරයා පවසා ඇත්තේ තමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කිරීම පිළිබඳ ලැජ්ජාවට පත්වන බවයි.

අනතුරුව සභාවෙන් පිටතට පැමිණි මන්ත්‍රිවරයා අද පෙරවරුවේ සභා කාර්යාලයේ වහලය මත නැගි විරෝධතාව ආරම්භ කර තිබුණි.

පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි බස් නැවතුම්පළේ වහලය මත නැගි විරෝධතාවයේ නිරත වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඡායා රූ - රංජිත් රාජපක්ෂ