ප්‍රේම කිර්ති නමින් මාවතක් නම් කරයි

ප්‍රේම කිර්ති නමින් මාවතක් නම් කරයි

July 31, 2014   12:17 pm

කෘතහස්ථ ගීත රචකයෙකු මෙන්ම ප්‍රකට මාධ්‍යවේදියෙකු වු ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ඔහු නමින් මාර්ගයක් නම් කර තිබේ.

කොළඹ 07, ටොරින්ටන්හි පිහිටි ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අතර මාර්ගය ප්‍රේම කීර්ති ද අල්විස් මාවත නමින් මෙලෙස නම් කර ඇත.

එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණි.

ප්‍රේම කීර්ති ද අල්විස් ගුණ සමරු සංසදය විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මාවත ප්‍රේම කීර්ති ද අල්විස් මාවත නමින් නම් කිරිමට පියවර ගෙන තිබේ.