කැලෑ ගිනි තියන්නෙක් අතේ මාට්ටු

කැලෑ ගිනි තියන්නෙක් අතේ මාට්ටු

July 31, 2014   10:59 am

සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිත ප්‍රදේශයක් ගිනි තබමින් සිටි පුද්ගලයෙකු ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇල්ල, වටළුවාගොඩ- පැපොල්කොටුව රක්ෂිත ප්‍රදේශය මෙලෙස සැකකරු විසින් ගිනි තබමින් සිටි බව පොලිසිය පවසයි.

සැකකරු සතුව තිබී බඳින තුවක්කුවක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

බල්ලකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සීදූව නගර සභා බල ප්‍රදේශයේ සහ කටාන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කෙරෙන ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා ඇත.

ගින්න කසළ බැහැර කෙරෙන ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී ඇති අතර අක්කර 10ක පමණ භූමි ප්‍රදේශයක් ගින්නට හසුවී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිසිය, ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.