අලුත්ගම ආ එස්.ටී.එෆ් සෙබළු 17ක් රෝහලේ

අලුත්ගම ආ එස්.ටී.එෆ් සෙබළු 17ක් රෝහලේ

July 31, 2014   09:39 am

ත්‍රීකුණාමලයේ සිට අලුත්ගම දක්වා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් රැගෙන පැමිණි බසයක් අංක 91, පළුගස්වැව ප්‍රදේශයේදී පෙරළීමෙන් එහි ගමන් කළ සෙබළුන් 17 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.

අද (31) පෙරවරු 7.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් රියදුරාට බරපතළ බව පොලීසිය කියයි.

සිමෙන්ති පටවාගත් ලොරියකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයිද පොලීසිය පවසයි.