ගම්පහ අනතුරින් තිදෙනෙක් මරුට - තවත් 3ට තුවාලයි

ගම්පහ අනතුරින් තිදෙනෙක් මරුට - තවත් 3ට තුවාලයි

July 31, 2014   09:23 am

ගම්පහ, මීගහවත්ත, පොල්හේන හන්දිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බූම් ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකි.

වෑන් රථයේ රියදුරු, ට්‍රක් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අනතුරෙන් තුවාල ලබා ගම්පහ සහ බියගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මීගහවත්ත පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.