පාසල් සිසුවිය කෘමිනාශක බිව්වේ ඇයි?

පාසල් සිසුවිය කෘමිනාශක බිව්වේ ඇයි?

July 31, 2014   08:59 am

දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ දී පාසැල් සිසුවියක කෘමිනාශකයක් පානය කර සියදිවි හානි කර ගෙන තිබේ.

දැරිය ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක් වන අතර සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණවී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.