ඌව ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 5කින් ඇප මුදල්

ඌව ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් 5කින් ඇප මුදල්

July 31, 2014   08:24 am

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව ස්වාධීන කණ්ඩායම් 05ක් මේවනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ ඊයේ දිනයේ ස්වාධීන කණ්ඩායම් 02ක් මොණරාගල දිස්ත්‍රික්කය සදහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 04ක් ද බදුල්ල දිස්ත්‍රික්කය සදහා එක් ස්වාධීන කණ්ඩායමක් ද මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇත.

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම ඊයේ දිනයේ ආරම්භ වුවද දිනය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා බාර නොදුන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජන්ද විමසිමට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය ලබන 05 වන දින දහවල් 12න් අවසන් වන අතර නාමයෝජනා බාරගැනීමේ කාලය ලබන 06 වන දින දහවල් 12 න් අවසන් වේ.