යෝජිත තැපැල් ගාස්තු සංශෝධනය සතියකින් ප්‍රමාදකරයි

යෝජිත තැපැල් ගාස්තු සංශෝධනය සතියකින් ප්‍රමාදකරයි

July 31, 2014   08:21 am

සංශෝධිත තැපැල් ගාස්තු ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් වී ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ තැපැල් ගාස්තු සංශෝධනය පිළිබදව මහජනතාව දැනුවත් වී නොමැති බැවින් එම සංශෝධන ක්‍රියාත්මක කිරීම සතියකින් ප්‍රමාද කිරීමට තීර‍ණය කර ඇති බව තැපැල්පතිවරයා කියයි.

මේ අතර තැපැල් ගාස්තු සංශෝධනය මගින් තවදුරටත් ජනතාව තැපෑලෙන් ඉවත් වන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජයන්ත විජේසිංහ මහතා සදහන් කළේ මෙම තැපැල් ගාස්තු සංශෝධනය පිළිගත නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙම ගාස්තු සංශෝධනයෙන් ජනතාවට බලපෑමක් එල්ල නොවන බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරයි.