දිවැස්චූටි වෙඩි වැදී  මරුට

දිවැස්චූටි වෙඩි වැදී මරුට

July 30, 2014   10:52 pm

තිස්සමහාරාම, දෙබරවැව ප්‍රදේශයේදී අද(30) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෙඩි වැදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් පමණ වන මාළු වෙළඳාම් කටයුතු කළ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ පුද්ගලයාට වෙඩි තබා පලාගොස් තිබේ.

දිවැස් චූටි යන අනුවර්ථ නාමයෙන්ද ජීවිතක්ෂයට පත් වු පුද්ගලයා හඳුන්වන බව සඳහන් වෙයි.