බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී 3ක් මරුට

බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී 3ක් මරුට

July 30, 2014   06:17 pm

කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ අද(30) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව යි.

ජීවිතක්ෂයට පත් වු පුද්ගලයින් තිදෙනා ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් බව වාර්තා වෙයි.

තුවාල ලැබූවන් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.