විදුලි සෝපානයෙන් අවසන් ගමනයයි

විදුලි සෝපානයෙන් අවසන් ගමනයයි

July 30, 2014   05:30 pm

කොටුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැඟිල්ලක සේවය කරමින් සිටි පුද්ගලයෙකු හදිසි අනතුරකින් මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා ගොඩනැඟිල්ලේ විදුලි සෝපාන කවුළුවෙන් බිමට ඇදවැටීම හේතුවෙන් මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 64 හැවිරිදි හුංගම, බටුලන්දගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර ඔහු අදාළ ගොඩනැඟිල්ලේ සිව්වන මහළේ නවාතැන්ගෙන සිට තිබේ.

මේ සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.