රජරට සරසවියේ සියලූ පීඨ සඳුදා ඇරේ
July 30, 2014 05:02 pm
රජරට විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ ලබන අගොස්තු මස 04 වන දා ආරම්භ කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
විශ්ව විද්‍යාල උපකුලපතිවරයා සහ පීඨාධිපතිවරුන් අතර අද පැවති විශේෂ සාකච්ජාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.
එහිදී පන්ති තහනමට ලක්වු ශිෂ්‍යයින්ගේ තහනම එදිනට ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසුවේය.
පංති තහනමට ලක්ව ඇති සිසුන් 28 දෙනෙකුගේ එම තහනම ඉවත් කරන ලෙසට සරසවි සිසුන් පසුගිය දිනවල ගෙන ගිය අරගලවල ප්‍රතිඵලයක් ලෙස එම සරසවිය පසුගියදා දින නියමයක් නැතිව වසා දැමීමට සිදුවිය.