දෙහිවලදී දුම්රියට පැන මැරෙයි

දෙහිවලදී දුම්රියට පැන මැරෙයි

July 30, 2014   04:03 pm

දෙහිවල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කර ගෙන තිබේ.

අළුත්ගම සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු දුම්රියට පැන ඔහු සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 35 හවිරිදි ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.