රාජපක්ෂ රෙජිමය අවසන් වු දිනක ශාසනය ආරක්ෂා වෙනවා

රාජපක්ෂ රෙජිමය අවසන් වු දිනක ශාසනය ආරක්ෂා වෙනවා

July 30, 2014   01:40 pm

රාජපක්ෂ රෙජිමය අවසන් වු දිනයක බුද්ධ ශාසනය ආරක්ෂා වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුඩු විකුණන, දුෂිත දේ කරන ආණ්ඩුවකට වැඩිකල් ඉදිරියට යා නොහැකි බවද අද(30) කොළඹ පැවති ජාතික විද්වත් මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව කියා සිටියේය.

එසේම රාජපක්ෂ රෙජීමය විසින් ශාසනය යට කර තබා ගැනීමට උත්සහ කරන බව ඒ මහතා එහිදී කීවේය.

තවද රජයක් විසින් ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා බැඳී සිටිය යුතු බවත්, පක්ෂ අනුව ජනාධිපති අනුව ශාසන නොමැති බවත්, පවතින්නේ එකම ශාසනයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සිටින ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා රාජපක්ෂ රෙජීමයට උදව් කරන බවත්. එය නොකළ යුතු දෙයක් බවත්, ඒ මහතා එහිදී අවධාරණය කර සිටියේය.

නුවර ප්‍රදේශයේ පසුගිය දින නයිට් රේස් පැවැත් වු බවත්, මහානායක හිමිවරු පවා විරුද්ධ වු අවස්ථාවක එය සිදුකළ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.