කසළ තේ සමඟ අයෙක් පොලිස් දැලේ

කසළ තේ සමඟ අයෙක් පොලිස් දැලේ

July 30, 2014   11:07 am

නීති විරෝධීව කසළ තේ තොඟයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහණය කළ කසළ තේ තොගය ලොරි රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

එහිදී පොහොර බෑග්වල දමා තිබු කසළ තේ කිලෝග්‍රෑම් 270ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.