ඉන්දියානුවන් දෙන්නාට වැඩ වරදී

ඉන්දියානුවන් දෙන්නාට වැඩ වරදී

July 30, 2014   09:21 am

නීති විරෝධී ලෙස රැඳී සිටිමින් යාපනය, ඔට්ටුමඩම් ප්‍රදේශයේ වෙළඳාමේ නිරතවු ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් රෙදිපිළි හා ආභරණ වෙළදාමේ නිරත වෙමින් සිටි බව පොලිසිය පවසයි.

සැකකරුවන් 39 හා 47 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අද (30) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.