ජයලලිතාගෙන් මෝඩිට තවත් ලිපියක්

ජයලලිතාගෙන් මෝඩිට තවත් ලිපියක්

July 30, 2014   08:06 am

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් කර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යොමු කර තිබේ.

පේදුරුතඩුව ප්‍රදේශයේ දී ඉන්දීය ධීවරයින් 50 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජයලලිතා මෙම ලිපිය යොමු කර ඇති බව සඳහන් වෙයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු කෝසළ වර්ණකුළසුරිය මහතා පැවසුවේ යාත්‍රා 07කින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් මෙම පිරිස ධීවර කටයුතු වල නිරතව සිටි බවයි.

ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහඇමතිවරිය සිය ලිපිය මගින් අග්‍රාමාත්‍ය මෝඩිගෙන් ඉල්ලා ඇත්තේ පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීයරයින් 50 දෙනා ඇතුළු ශ්‍රී ලාංකීය අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීයරයින් 93 දෙනා නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙසයි.

ඉන්දීය ධීයරයින් යාත්‍රා 93ක් ද ශ්‍රී ලංකාව බාරයේ ඇති බව ඇය පෙන්වා දී තිබේ.