බස් රථයක ගැටුණු යතුරුපැදිකරු මරුට

බස් රථයක ගැටුණු යතුරුපැදිකරු මරුට

July 30, 2014   06:11 am

යතුරු පැදියක් පුද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ පාලාවිල - පුලිදිවායල් පදිංචිව සිටි තුවාන් අර්සාම් (20) නම් වූ අයෙකි.

ඊයේ(29) සවස උඩප්පුව - පුත්තලම මාර්ගයේ පනිච්චිවිල්ලුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු එම අවස්ථාවේදීම පුත්තලම දිසා රෝහලට ඇතුළත් කළත් ඔහු මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථය උඩප්පුවේ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබී ඇති අතර යතුරු පැදිය පුත්තලම දෙස සිට උඩප්පුව දෙසට ගමන් කරමින් තිබී ඇති බව සඳහන්ය.

බස් රථය සහ යතුරු පැදිය එකි නෙක මාරුවන අවස්ථාවේදී බස් රථයේ ඉන්ධන ටැංකියේ යතුරු පැදිය ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.

අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථය සහ එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.