පාර්ලිමේන්තු භෝජනාගාර සේවකයා බෝට්ටු සවාරියෙන් මරුට

පාර්ලිමේන්තු භෝජනාගාර සේවකයා බෝට්ටු සවාරියෙන් මරුට

July 29, 2014   04:25 pm

පාර්ලිමේන්තුවේ ආපන ශාලාවේ සේවය කළ අයෙකු බෙන්තර ගඟේ ගිළී මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ බෙන්තර ගඟේ බෝට්ටු සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයා ඇතුළු තවත් 15 දෙනෙකු පමණ බෝට්ටුවේ ගමන් කර ඇත.

බෝට්ටුවේ ගමන් කළ එම පුද්ගලයා ගඟට ඇද වැටී දියේ ගිළීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 54 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට බෙන්තර රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බෙන්තර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.