ගවයින් ඇද්ද 5ක් දැලේ

ගවයින් ඇද්ද 5ක් දැලේ

July 29, 2014   02:13 pm

නීති විරෝධීව ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් පස්දෙනෙකු හුංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තංගල්ල පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත ලොරි රථයක් සහ වෑන් රථයක් පරීක්ෂා කිරීමේ දී මෙම ගවයින් සොයාගෙන ඇති බව සඳහන්ය.

එහිදී එල ගවයින් දෙදෙනෙකු සහ මීගවයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.