උතුරු මැද සෞඛ්‍ය සේවක සේවිකාවෝ වහලට නඟිති

උතුරු මැද සෞඛ්‍ය සේවක සේවිකාවෝ වහලට නඟිති

July 29, 2014   02:07 pm

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවක සේවිකාවන් පිරිසක් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ වහල මතට නැඟ විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අවිධිමත් ලෙස සිදුකෙරුණු උපස්ථාකයින් බඳවා ගැනීම අහෝසි කර විධිමත් අයුරින් නැවත උපස්ථායකයින් බඳවා ගන්නා ලෙස ඉල්ලා ඔවුන් විරෝධතාවයේ නිරත වන වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

එම පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය කාර්යය සහායකයින් අතුරෙන් 88 දෙනෙකු උපස්ථායකයින් ලෙස බඳවාගෙන ඇති අතර එය විධිමත්ව සිදුකර නොමැති බව විරෝධතාකරුවන් පවසයි.

මීට අමතරව උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දේශපාලනික හිතවත්කම් මැද උපස්ථායක සේවය සඳහා තවත් 24 දෙනෙකු බඳවා ගෙන ඇති බවට ඔවුන් චෝදනා කරයි.

කෙසේ වෙතත් පවතින ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා මේ වන විට උතුරු මැද පළාත් සෞඛ්‍ය කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.