ඉඩම් ජාවාරමක මහමොළකරු මාට්ටු

ඉඩම් ජාවාරමක මහමොළකරු මාට්ටු

July 29, 2014   10:58 am

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් දීර්ඝ කාලයක සිට සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ඊයේ(28) දිනයේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී රුපියල් ලක්ෂ 27 කට සහ මේ වසරේ මාර්තු මාසයේ දී රුපියල් ලක්ෂ 15 කට ඉඩම් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිලි ලැබී තිබේ.

රඹත්ත, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අදාළ ඉඩම් විකිණීමෙන් පසු රාගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති බව පොලීසිය පවසයි.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.