අනුරගේ රියදුරු අත්අඩංගුවට
July 29, 2014 10:42 am
ජ.වි.පෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ (28) රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් පසුව රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රියදුරු අත්අඩංගුවට ගත් බව ඔහු කියා සිටියේය.
නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත්, රියදුරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.