රටපුරා කැන්ටින් පරීක්ෂාවක්
July 29, 2014 07:09 am
දිවයින පුරා පිහිටි සියලුම ආපනශාලා පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ අද දිනයේ සිට මෙම පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
ආපනශාලා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන පැමිණිලි මත මෙම වැටලීම් සිදුකිරීමට තීරණය කර තිබේ.
මේ වන විට දිවයින පුරා ආපනශාල 15,000ක් පමණ පවතින අතර එම සියලු ආපනශාලා පරික්ෂා කිරීම මෙහිදි සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි.
පාරිභෝගික සේවා පනත උල්ලංඝණය කරන ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව ද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කරයි.