සූදු ගැසූ ස්ත්‍රීන් දෙදෙනෙකු ඇතුළු 9ක් දැලේ

සූදු ගැසූ ස්ත්‍රීන් දෙදෙනෙකු ඇතුළු 9ක් දැලේ

July 28, 2014   04:22 pm

නීති විරෝධි අයුරින් සූදු ක්‍රීඩාවේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09දෙනෙකු මැදමණ්ඩිය පාර , පනාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 78,579ක මුදලක් පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාදුක්ක,අවිස්සාවේල්ල,හෝමාගම, අතුරුගිරිය සහ මීගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් නැවත ලබන 30 වන දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් පොලීසිය කියා සිටියි.