අත්වැරදීමකින් පිපුරුමක් - හමුදා සෙබළෙක් රෝහලේ

අත්වැරදීමකින් පිපුරුමක් - හමුදා සෙබළෙක් රෝහලේ

July 28, 2014   02:39 pm

පුත්තලම යුධ හමුදා කඳවුරේ පැවති විසිර යාමේ උත්සවයක් අතර සිදුවූ පිපුරුමකින් හමුදා සෙබළෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (28) පෙරවරු 10.30 ට පමණ මෙම පිපුරුම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පුත්තලම යුධ හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට අනියුක්තව සේවය කර ලාන්ස් කෝප්‍රල් ලලිත් කුමාර නම් අයෙකි.

හමුදා සෙබළුන්ගේ විසිර යාමෙන් පසුව පැවති සංදර්ශනයකදී මෙම පිපුරුම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යුධ හමුදා පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.