වීඩියෝ: අනුර කුමාර රිය අනතුරකින්  රෝහල්ගත කරයි

වීඩියෝ: අනුර කුමාර රිය අනතුරකින් රෝහල්ගත කරයි

July 28, 2014   02:35 pm

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා රිය අනතුරකට පත් වී රෝහල්ගත කර තිබේ.

අද පස්වරු 10.30 ට පමණ අදාළ අනතුර සිදුවී ඇති අතර අනතු‍රින් පසු ඒ මහතාව රත්නපුර මුලික රෝහලට අතුළත් කර බව වාර්තා ‍වෙයි.

රත්නපුර, හොරණ මාර්ගයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයේ ගැටී ඇති බව සඳහන් වෙයි.

අදාළ අනතුරින් ඒ මහතා‍ගේ පාදයට සුළු තුවාල සිදු වී ඇති අතර මේ වන විට ඒ මහතාව කොළඹට ගෙන ඒමට කටයුතු සුදානම් කරමින් සිටින බව ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද දෙරණට කියා සිටියේය.