රජරට ගැන තීරණාත්මක සාකච්ඡාවක්

රජරට ගැන තීරණාත්මක සාකච්ඡාවක්

July 28, 2014   02:08 pm

රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරිම පිළිබඳ තිරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය, තහනමට ලක්වූ සිසුන්ගේ මව්පියන්, ආචාර්යවරුන් ඇතුළු පාර්ශව මෙම සාකච්ඡා සඳහා සහභාගි විමට නියමිතය.

සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සහ ආචාර්යවරුන් කිහිපදෙනෙකු පැය 24ක පමණ කාලයක් නිති විරෝධි ලෙස රඳවා තබාගැනීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නවතා දමා තිබුණි.

ආචාර්යවරුන් ද සේවයෙන් ඉවත්ව සිටි අතර අද(28) සිට ඔවුන් සේවයට වාර්තා කිරිමට තීරණය කර තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය සම්මේලනයේ ලේකම් පුජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන් ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපයේ දි අධ්‍යයන කටයුතු ආරම්භ කිරිමට ආචාර්යවරුන් සූදානම් බවයි.

අද පැවැත්වෙන සාකච්ඡා සඳහා තම නියෝජිතයින් සහ මව්පියන් සහභාගි වන බව රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිනේෂ් කුමාර අද දෙරණට කියා සිටියේය.

සිසුන් විසින් ආචාර්යවරුන්ගෙන් සමාව ගතහොත් ඔවුන්ට පනවා ඇති තහනම ඉවත් කරන බවට පාලනාධිකාරිය ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කිසිදු අයුරකින් සමාව ගැනීමක් සිදු නොකරන බවයි.