සරණාගතයින් 157 දෙනා ආර්ථික ගැටලු සහිත පුද්ගලයින්

සරණාගතයින් 157 දෙනා ආර්ථික ගැටලු සහිත පුද්ගලයින්

July 28, 2014   10:14 am

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ දෙමළ සරණාගතයින් පිරිස ආර්ථික ගැටලු සහිත සරණාගතයින් පිරිසක් බව ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි.

එම පිරිස දේශපාලන රැකවරණය සඳහා පැමිණි පිරිසක් නොවන බවද ඔහු කීවේය.

‍පසුගිය දිනක ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා යාත්‍රාවකින් ගමන්ගත් සරණාගතයින් 157 දෙනා පිළිබඳව අද(28)  අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.

එසේම අදාළ සරණාගතයින් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීති රේගුලාසි අනුව කටයුතු කළ බවද  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා ඊයේ(27) ප්‍රකාශ කර තිබුණි.

එම සරණාගතයින් පිරිස මේ වන විට ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරකට යවා ඇති බවද ඔහු පැවසුවේය.

තවද අදාළ සරණාගතයින් අතර සිටින ඉන්දීය ජාතිකයින් ඉන්දීය නිලධාරීන් හමුවීම සඳහා අවස්ථාව උදාකර දෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.