මින්නේරිය රක්ෂිතයේ ගින්නක් - අක්කර 15ක් විනාශයි

මින්නේරිය රක්ෂිතයේ ගින්නක් - අක්කර 15ක් විනාශයි

July 28, 2014   09:21 am

මින්නේරිය භාවනා මධ්‍යස්ථානය අසළ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(27) ඇති වූ ගින්නෙන් අක්කර 15ක පමණ භූමි ප්‍ර දේශයක් විනාශයට පත්වි ඇති බව වාර්තා වෙයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලිසිය, යුධ හමුදාව සහ ප්‍ර දේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.