ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ 5ක් දැලේ
July 28, 2014 08:41 am
ව්‍යාජ මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ඇතුළු කාන්තාවන් 04 දෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වෑන් රථයක් පරීක්ෂා කිරිමේ දි එහි ගමන් කළ පුද්ගලයෙකු සතුව තිබි මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
එහිදි සැකකරු සතුව තිබි ව්‍යාජ රුපියල් 2000 නෝට්ටු 20ක් සහ රුපියල් 5000 නෝට්ටු 06ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එම අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් සිව් දෙනෙකු ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කුරුණෑගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.