මැ.කො. සහ  ‍දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

මැ.කො. සහ ‍දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

July 27, 2014   05:16 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් ලබන 30 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මෙවර ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වන සියලු පක්ෂවල ලේකම්වරුන්ට අදාළ සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇති බවයි.

ලබන 30 වන දින පෙරවරු 10.30ට මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඌව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වෙයි

මේ අතර ඌව පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් මැතිවරණ බලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබේ.

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාරගැනීම ලබන 30 වන දින ආරම්භ වීමට නියමිත අතර අගෝස්තු මස 6 වන දින දහවල් 12.00 න් නාමයෝජනා භාරගැනීම අවසන් වෙයි.