ශ්‍රී ලංකාව දෙවන ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව දෙවන ඉනිම අත්හිටුවයි

July 27, 2014   04:13 pm

සංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‍කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 229 ක් තිබියදී ඉනිම අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය අත්හිටුවන අවස්ථාවේදී කඩුළු 8ක් දැවී ගොස් තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු බනිම සඳහා ලකුණු 421ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකාණු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 282ක් ලබා ගන්නා ලදී.

දෙවන ටෙස්ට් තරඟය ජයග්‍රහණය කිරීමටනම් දකුණු අප්‍රිකාවට තවත් ලකුණු 369ක් අවශ්‍ය වෙයි.