මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක්

July 26, 2014   05:31 pm

මුලතිව්, පොලිස් නේවාසිකාරය අසළ කිසියම් වූ පිපිරීමක් සිදුවී තිබේ.

අද(26) පස්වරුවේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ‍අදාළ පොලිස් නේවාසිකාගාරය අවට ප්‍රදේශය සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මෙම පිපිරීම සිදුවී ඇති බව මුලතිව් පොලීසිය පැවසුවේය.

අදාළ පිපිරීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලවීමක් සිදුවී නොමැති බව සඳහන් වෙයි.

එම ස්ථානයේදී පිපිරීගියේ කුමක්ද යන්න මෙතෙක් නිශ්චය කළ නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත්, පොලීසිය පවසයි.