කුවෙට්හීදී  ශ්‍රී ලාංකික කතක්  ඝාතනය කරයි

කුවෙට්හීදී ශ්‍රී ලාංකික කතක් ඝාතනය කරයි

July 26, 2014   04:22 pm

කුවේට්හීදි ශ්‍රි ලාංකිකයෙකු තියුණු ආයුධයකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

ඔවුන් රැඳී සිටි කුලී නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ සම්බන්ධයෙන් එරට පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනයේ දි අදාළ කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඒ පිළිබඳ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා වන ශ්‍රි ලාංකිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දි ඔහු ප්‍රකාශ කර ඇත්තේ වෙනත් කාන්තාවක විසින් සිය බිරිඳ ඝාතනය කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම් වල දී තම බිරිඳ තමා විසින්ම ඝාතනය කළ බව සැකකරු ප්‍රකාශ කර තිබේ.

තමාගේ අනියම් සබඳතාවක් බිරිඳට හෙළිවිම හේතුවෙන් ඇති වු බහින් බස්වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුවු බව සැකකාර ශ්‍රි ලාංකිකයා කුවෙට් පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත.