භික්ෂුන් දෙනමකට පහරදුන් 2ක් අත්අඩංගුවේ

භික්ෂුන් දෙනමකට පහරදුන් 2ක් අත්අඩංගුවේ

July 26, 2014   03:29 pm

පොළොන්නරුව, අරලගංවිල සිරිපාලෙන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ ඊයේ(25) රාත්‍රි 10.00 ට පමණ විහාරස්ථානයට පැමීණි පුද්ගලයින් දෙදෙනා අදාළ හිමිවරුන් දෙදෙනාට පහරදී ඇති බවයි.

පහරදීමෙන් තුවාල ලැබු භික්ෂූන් වහන්සේලා දෙනම මේ වන විට අරලගංවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.