දුම්රියෙන් වැටී අයෙක් මරුට

දුම්රියෙන් වැටී අයෙක් මරුට

July 26, 2014   09:21 am

මීරිගම, රජදහන දුම්රිය ස්ථානය සහ ගනේගොඩ දුම්රිය ස්ථානය අතර ප්‍රදේශයේ දී දුම්රියෙන් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි