හොර රන් භාණ්ඩ උකස් කිරීමට ගොස් අතේ මාට්ටු

හොර රන් භාණ්ඩ උකස් කිරීමට ගොස් අතේ මාට්ටු

July 26, 2014   09:18 am

රුවන්වැල්ල, ගෝණගල්දෙණිය ප්‍රදේශයේ රජයේ බැංකුවකට ව්‍යාජ රන් භාණ්ඩ උකස් කිරීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුවන්වැල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී ග්‍රෑම් 11ක් බරැති ව්‍යාජ රන් පෙන්ඩනයක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අද රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.