වතුර හොරු වැඩියෙන්ම සිටින්නේ උතුරු කොළඹයි

වතුර හොරු වැඩියෙන්ම සිටින්නේ උතුරු කොළඹයි

July 25, 2014   05:20 pm

අයථා ක්‍රම භාවිතයෙන් වැඩි වශයෙන් ජලය සොරාගනු ලබන්නේ උතුරු කොළඹ ප්‍රදේශයේ ජනතාව බව ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී,උතුරු කොළඹ සංවිධායක රවී කරුණානායක මහතා විසින් අද(25) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉකුත් වසරේ ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යංශයේ ලාභ හා පාඩු පිළිබඳ විමසීමේදී ඊට ඊට පිළිතුරු ලෙස ව්‍යතිරේකව අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම කරුණ උපුටා දැක්වීය.

තම අමාත්‍යංශයේ සේවක අතිරික්තයක් හෝ හිඟයක් නොමැති බවත්, කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.