තංගල්ල හිටපු සභාපති මාධ්‍යයට වසං කරන්න හැදුවාට බන්ධනාගාර නියාමක මාරු

තංගල්ල හිටපු සභාපති මාධ්‍යයට වසං කරන්න හැදුවාට බන්ධනාගාර නියාමක මාරු

July 25, 2014   04:23 pm

තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට සිරදඬුවම නියමවීමෙන් අනතුරුව අධිකරණ සංකිර්ණයෙන් පිටතට රැගෙන යාමේ දි රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නියාමකවරයෙකු මාරු කර යවා තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර අධිකාරි තුෂාර උපුල්දෙණිය මහතා කියා සිටියේ අදාළ නිලධාරියා පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බවයි.

තංගල්ල හිටපු සභාපතිවරයා නඩු තීන්දුවෙන් අනතුරුව පිටතට රැගෙන ආ අවස්ථාවේ දි ඔහුව මාධ්‍යයෙන් වසන් කිරීමේ අරමුණින් ආවරණය කිරීමට උත්සහ දැරීම මෙම නියාමකවරයාට ස්ථාන මාරුව ලබා දීමට හේතුව වු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.