ශ්‍රී ලාංකිකයා ඝාතනය කළාට වැරදිකරුවන්ට සිරදඬුවම්

ශ්‍රී ලාංකිකයා ඝාතනය කළාට වැරදිකරුවන්ට සිරදඬුවම්

July 25, 2014   02:38 pm

බ්‍ර්තාන්‍යයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් දෙදෙනාට සිරදඬුවම් නියම කර තිබේ.

18 හැවිරිදි කාසිම් අහමඩ් නැමති පුද්ගලයෙකුට සහ 26 හැවිරිදි ශම්රාස් ඛාන් නැමති පුද්ගලයෙකුට මෙලෙස සිරදඬුවම් නියම වි ඇති බව සඳහන්ය.

25 හැවිරිදි තවීෂ ලකිදු පිරිස් නැමති මෙම තරුණයා උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබුණි.

එහිදි ඔහු පීසා අවන්හළක සේවයේ නිරතව සිටි අතර පසුගිය වසරේ ඔක්තොම්බර් මස 27 වන දින ජංගම පීසා රථයක් තුළ දී ඝාතනයට ලක්විය.

එම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති අතර ඒ අනුව ඉන් එක් අයෙකුට වසර 23ක සිරදඬුවමකුත් අනෙක් පුද්ගලයාට වසර 24ක සිරදඬුවමකුත් නියම කර ඇති බව සඳහන්ය.