ඌවේ මහජන නියෝජිතයින් සියලුමදෙනා වාහන බාරදීලා

ඌවේ මහජන නියෝජිතයින් සියලුමදෙනා වාහන බාරදීලා

July 25, 2014   01:05 pm

ඌව පළාත් සභාවේ මහජන නියෝජිතයින් භාවිත කළ සියලු රථ වාහන යළි භාර දි ඇති බව එම පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ ඌව පළාත් සභාව විසිරුවා හැරීමෙන් පසු අදාළ රථ වාහන යළි පවරා ගැනිම සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ බවයි.

ඒ අනුව මහජන නියෝජිතයින් භාවිත කළ රථ වාහන ප්‍රධාන අමාත්‍ය ලේකම්වරයා සහ සෙසු අමාත්‍යංශ ලේකම්වරුන් භාරයේ පවතින බව නන්ද මැතිව් මහතා අද දෙරණ කළ විමසීමකදී කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කිරිම පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා ද තමන්ට ස්තූතිය පළකර ඇති බව ඌව පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.